සංගීත නිර්මාණයකරණය දක්වා මුල සිට පැහැදිලි කරන සිද්ධාන්තය .
සංගීතය යනු: මිනිසාගේ කටහඩ හෝ සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන නිර්මාණය කරන මිහිරි හඩකි.
මෙම මිහිරි හඩ ප්‍රධාන හඩ තල තුනකට බෙදා දක්වනු ලබයි.
01. පහල හඩ(මන්ද්‍ර සප්තකය)
02. මධ්‍ය හඩ (මධ්‍ය සප්තකය)
03. ඉහල හඩ (උච්ච සප්තක)
02. මධ්‍ය හඩ (මධ්‍ය සප්තකය)
03. ඉහල හඩ (උච්ච සප්තක)
*මෙම ඉහත සදහන් හඩ තල තුනම නැවත කුඩා හඩ කොටස් 12 බැගින් බෙදී යයි.ඒවා ස්වර ලෙසින් හදුන්වනු ලබයි.
*මන්ද්‍ර සප්තකයේ ස්වර මන්ද්‍ර ස්වර ලෙසත්,මධ්‍ය සප්තකයේ ස්වර මධ්‍ය ස්වර ලෙසත් ,උච්ච සප්තකයේ ස්වර උච්ච ස්වර ලෙසත් හදුන්වනු ලබයි .
ස්වර 12
*ස්වර 12 ශුද්ධ ස්වර සහ විකෘති ස්වර ලෙස කොටස් 2කි. විකෘති ස්වර කෝමල සහ තිව්රර ලෙස නැවත කොටස් 2 කට බෙදේ .
*ශුද්ධ ස්වර 7 ක් ඇති අතර ඒවා 'ස රි ග ම ධ නි' වේ.
* කෝමල ස්වර ස්වර 4 ක් ඇති අතර ඒවා 'රි ග ධ නි ' වේ.
*තිව්රර ස්වර 1ක් ඇති අතර එය තිව්රර ' ම ' වේ.
* ශුද්ධ ස්වර හදුනා ගැනීමට විශේෂ සංකේත භාවිත නොකරන අතර කෝමල ස්වර හදුනා ගැනීමට ස්වරයට යටින් ඉරක් ද තිව්රර ස්වරය හදුනා ගැනීමට ස්වරට ඉඅහලින් ඇල ඉරක්ද අදිනු ලබයි .
ඉහත ස්වර 12 පිළිවෙලින් පිහිටන ක්‍රමයක් තිබේ.(සංගීතය හදාරන්නෙකු ස්වර 12 පිළිවෙලින් දැනගත යුතු වීම අනිවාර්ය වේ.)
ස රි රි ග ග ම ම´ ප ධ ධ නි නි
- - - -
- - - -
* මන්ද්‍ර සප්තකයේ ස්වර හදුනාගැනීමට ස්වරට යටින් තිතක් තබන අතර මධ්‍ය ස්වර හදුනාගැනීමට විශේෂ සංකේත භාවිත නොකරයි .උච්ච සප්තකයේ ස්වර හදුනාගැනීමට ස්වරට ඉහළින් තිතක් තබයි .
* ස්වර 12 පිළිවෙලින් පිහිටන විට එක ලග ඇති ස්වර 2ක් අතර පරතරය semitone 1 ක් ලෙස හදුන්වනු ලබයි
.semitone 2 ක එකතුව Tone 1 ක් වේ.
(ස්වර පිළිබඳ පෙරදිග ක්‍රමයට හදුනා ගත් ඔබට මීලග පාඩමෙන් ස්වර පිලිබඳව බටහිර සංගීත භාවිතයන් අධ්‍යයනය කරීමට හැකියාව ලැබේ)
*ඉදිරි පාඩම් වලදී සංගීතය තවදුරටත් අධ්‍යයනය කිරීමේදි ස්වර බටහිර ක්‍රමයට හදුනා ගන්නා ආකාරය අධ්‍යයනය කල යුතුය .
* ස්වර 12 බටහිර ක්‍රමයට හදුනා ගැනීම
ශුද්ධ ස්වර 7 බටහිර ක්‍රමයට
ස රි ග ම ප ධ නි
C D E F G A B
C D E F G A B
විකෘති ස්වර 5 බටහිර ක්‍රමයට
* විකෘති ස්වර 5 බටහිර ක්‍රමයට හැදින්වීමේදී sharp (#) සහ
flat (b) ලෙස උපකාරක සංකේත 2 ක් යොදා ගනී.යම් ස්වරයක් ඉදිරියෙන් # සලකුණක් යෙදූ පසු එම ස්වරයට semitone 1 ක් ඉදිරියෙන් ඇති ස්වරය ඉන් කියවේ .යම් ස්වරයක් ඉදිරියෙන් b සලකුණක් යෙදූ පසු
semitone 1 ක් පසුපසින් ඇති ස්වරය ඉන් කියවේ .(මෙම පාඩම පැහැදිලිව තේරුම් ගැනීමට නම් ස්වර 12 පිළිවෙලින් පිහිටන ආකාරය හොදින් මතක තබා ගැනීම කල යුතුය )
උදා: ස ස්වරයට semitone 1ක් ඉදිරියෙන් ඇත්තේ කෝමල රි ස්වර යයි. ස හෙවත් C එකට #
sharp සලකුණක් යෙදූ පසු "ස' ස්වරයට semitone 1ක් ඉදිරියෙන් ඇති ස්වරය කියවේ.රි ස්වරයට
semitone 1ක් පසුපසින් ඇත්තේද කෝමල රි ස්වරයයි.මෙසේ ශුද්ධ රි හෙව්ද්ත් D එකට b flat සලකුණ යෙදූ පසු ඉන්ද කෝමල රි ස්වරය හැදින්වේ.
එනම් C# = කෝමල රි ස්වරය වේ.
Db = කෝමල රි ස්වරය වේ.
මෙසේ ගත් කල සියලු විකෘති ස්වර බටහිර ක්‍රමයට පහත දක්වනු ලබයි .
රි = C# = Db
-
ග = D# = Eb
-
ම' = F# = Gb
-
ග = D# = Eb
-
ම' = F# = Gb
ධ = G# = Ab
-
නි = A# = Bb
-
නි = A# = Bb
*ස්වර 12 බටහිර ක්‍රමයට අධ්‍යයනය කල ඔබ මින් පසු හැදෑරිය යුතු වන්නේ scales පාඩමයි.සංගීතයේ හරය ඇතුලත් වන්නෙ scales තුලයි.ඉතින් සංගීතය අධ්‍යයනය කරන සෑම අයෙක්ම මුලින් scales අධ්‍යයනය කර සිටීම වැදගත් කරුණකි .ඊලඟ පාඩමෙන් scales පිළිබඳ අධ්‍යයනය කරමු .
Scales හෙවත් - (ස්වර සප්තක)
* සංගීතයේදි scales සිද්ධාන්තය භාවිත කරනන්නේ සංගීතය නිර්මාණය කිරීමේදි භාවිත වන වැදගත් සිද්ධාන්තයක් වන නිසාය.
* ලෝකයේ සියලු දෑ නිර්මාණය වන්නේ "දුක" සහ "සතුට" යන හැගීම් පදනම් කරගෙනය.සංගීතයේදීද දුක් බර හැගීම් මෙන්න්ම සතුටු සහිත හැගීම්ද පදනම්ව නිර්මාණයන් සිදුවේ.සංගීතයේ නිර්මාණය වන හැගීම් පහත දක්වනු ලබයි.
01. සතුට .
02.සතුට වැඩි කල්හි අභිමානය ඇතිවේ.
03. දුක.
04. දුක වැඩි කල්හි භය ඇතිවේ.
02.සතුට වැඩි කල්හි අභිමානය ඇතිවේ.
03. දුක.
04. දුක වැඩි කල්හි භය ඇතිවේ.
* ඉතින් සංගීතයේදි මෙම ඉහළින් හැදින්වූ ප්‍රධාන හැගීම් ඇති කිරීමට විවිධ එකිනෙකට වෙනස් වූ නාද රටා හෙවත් ස්වර රටා නිර්මාණය කරයි.
Scales හෙවත් ස්වර සප්තකයක් යනු ක්රමානුකූල බවකින් යුක්තව ආරෝහණ සහ අවරෝහණ පිළිවෙලින් ගලායන ස්වර 8 කි.මෙම එකිනෙලට වෙනස් ස්වර ගැලීම් තුලින් විවිධ හැගීම් නිර්මාණය කරන සිද්ධාන්තය සාදා ගත හැකිය.
Scales ප්‍රධාන කොටස් 2 කි.
01. Major Scales
02. Minor Scales
02. Minor Scales
Major scales හෙවත් මහා සප්තකය
* සංගීතයේදි සතුට ,අභිමානය වැනි ප්‍රාණවත් හැගීම් ඇතිකිරීමට භාවිත කරන්නේ major scales සිද්ධාන්තයයි.
* 3 න් වන සහ 4 වන ස්වර දෙක අතරද 7 වන සහ 8 වන semitone 1ක් ද අනෙක් සෑම ස්වරයක් අතර පරතරය tone එකක් ද තබා නිර්මාණය කරගන්නා ස්වර 8 ක් major scale එකක් වේ.
ඕනෑම ස්වරයකින් පටන් ගන්නා major scales 12ක් ස්වර 12 පදනම්ව නිර්මාණය වේ.
* 3 න් වන සහ 4 වන ස්වර දෙක අතරද 7 වන සහ 8 වන semitone 1ක් ද අනෙක් සෑම ස්වරයක් අතර පරතරය tone එකක් ද තබා නිර්මාණය කරගන්නා ස්වර 8 ක් major scale එකක් වේ.
ඕනෑම ස්වරයකින් පටන් ගන්නා major scales 12ක් ස්වර 12 පදනම්ව නිර්මාණය වේ.
උදා: ස ස්වරය පදනම්ව නිර්මාණය වන C major scale එක:
1 2 3 4 5 6 7 8
C D E F G A B C මෙහි තුන්වන සහ හතරවන ස්වර දෙක අතරද හත්වන සහ අටවන ස්වර දෙක අතරද පවතින්නේ semitone 1ක් වන අතර අනෙක් සෑම ස්වරයක් අතර පවතින්නේ tone එකකි.
C D E F G A B C මෙහි තුන්වන සහ හතරවන ස්වර දෙක අතරද හත්වන සහ අටවන ස්වර දෙක අතරද පවතින්නේ semitone 1ක් වන අතර අනෙක් සෑම ස්වරයක් අතර පවතින්නේ tone එකකි.
මේ ආකරයට අනෙක් ස්වර වලට අදාල Scales පහත සදහන් කරමි .
C - (C) D (E) F (G) A B C
C# /Db - (C#) D# (F) F# (G#) A# C C#
D - (D) E (F#) G (A) B C# D
D# /Eb - (D#) F (G) G# (A#) C D D#
E - (E) F# (G#) A (B) C# D# E
F - (F) G (A) A# (C) D E F
F# /Gb - (F# G# (A#) B (C#) D# F F#
G - (G) A (B) C (D) E F# G
G# /Ab - (G#) A# (C) C# (D# F G G#
A - (A) B (C#) D (E) F# G# A
A# /Bb - (A#) C (D) D# (F ) G A A#
B - (B) C# (D#) E (F#) G# A# B
Major chords හෙවත් ස්වර කේතයන්
*Scale එකක ස්වර 7ක් ඇති අතර එම ස්වර 7න් නියෝජිත ස්වර කේතයක් හෙවත් chord එකක් වේ.major scales නියෝජනය කරන ස්වර
major chords ලෙස හදුන්වයි .
* scale එකක ඇති ස්වර 7 තේ 1 වන 3 වන සහ 5 වන ස්වර එම scale එක නියෝජනය කරන කේතය හෙවත් chord එක වේ.ඉහත major scales වල වරහන් කර ඇත්තේ එහි කේතයන් හෙවත්
major chords වේ.
පහත දැක්වෙන්නේ major scales වලට අයිති
major chords වේ.
C - C E G
C#/Db - C# F G#
D - D F# A
D#/Eb - D# G A#
E - E G# B
F - F A C
F#/Gb - F# A# C#
G - G B D
G#/Ab - G# C D#
A - A C# E
A#/Bb - A# D F
B - B D# F#
*මීලඟට අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන්නේ
Minor Scales සහ ඉන් නිර්මාණය වන Minor Chords හෙවත් කේතයන් වේ.
* සංගීත නිර්මාණ කටයුතු සදහා major සහ minor scales මෙන්ම chords ද නිවැරැදි ව අධ්‍යයනය කල යුතුය .
Minor Scales හෙවත් සුළු සප්තකය
* සංගීතයේදි දුක් සහිත වූ හැගීම්බර වූ සංගීත නිර්මාණය කිරීමේ සිද්ධාන්තය Minor Scales වේ.
*මෙම Scale එක නිර්මාණය වන්නේ එහි ඇති ස්වර 8 හි 2-3 ද 5-6 ද යන ස්වර අතර Semitone 1 ක් ද අනෙක් සෑම ස්වරක් අතර පරතරය
Tone 1ක් ද ලෙස තැබීමෙනි.
* පහත නිර්මාණය කර ඇත්තේ ස්වර 12 ආශ්රයෙන් නිර්මාණය වන Minor Scales 12 වේ.
Cm - (C) D (D# ) F (G) G# A# C
C#m - (C#) D# (E) F# (G#) A B C#
Dm - (D) E (F) G (A) A# C D
D#m - (D#) F (F#) G# (A#) B C# D#
Em - (E) F# (G) A (B) C D E
Fm - (F) G (G#) A# (C) C# D# F
F#m - (F#) G# (A) B (C#) D E F#
Gm - (G) A (A#) C (D) D# F G
G#m - (G#) A# (B) C# (D#) E F# G#
Am - (A) B (C) D (E) F G A
A#m -(A#) C (C# ) D# (F ) F# G# A#