ක්‍රි: ව: 1690 දී දෙන්න ජුවන් කොනප්පු බණ්ඩාර පළමුවන විමලධර්මසූරිය නමින් සෙංකඩගල පුරවරයේ දී අභිෂේක ලැබීමෙන් පසු මහනුවර රාජ්‍ය සමය ආරම්භ
වන්නේ ය. එතැන් සිට වර්ෂ 46 ක් පැවති සිංහල රාජාවලිය ක්‍රි: ව 1705 දි රජකමට පැමිණෙන ශ්‍රී වීරපරාක්‍රමනරේන්ද්‍රසිංහ
රජතුමාගෙන් පසුව 1738 දී නිම විය. පියාගේ
ඇවෑමෙන් රජවීමට පුත් කුමරුවකු නොසිටීමෙන් සිංහල රාජ්‍ය අග මෙහෙසියගේ සොහොයුරාට
හෙවත් නායක්කර් වංශිකයන් අතට පත්විය. ශ්‍රී
වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා අවස්ථා තුනකදීම දකුණු ඉන්දියානු නයක්කර් වංශික කුමාරිකාවන් තිදෙනෙක්ම විවාහ කර ගැනීමෙන් ද අවසානයේ රාජත්වය පවා භාර දීමට
සිදුවීමෙන් ද ශ්‍රී ලාංකික ජන සමාජයට දකුණු ඉන්දියානු හින්දු බලපෑම නොමදව
ලැබෙන්නට විය. කෙසේ වෙතත් 1615 දී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන් අතට පත් වීමෙන්
පසු අවසන් වන මහනුවර යුගය ශ්‍රී ලාංකික සංගීත විකාශනය කෙරේ බලපෑ ප්‍රවණතා රාශියකින් සමන්විත බව පෙනේ.
රාජ්‍ය
සභාව හා සම්බන්ධ සංගීත හා නැටුම් ආයතන මහනුවර යුගයේදී දක්නට ලැබේ. එනම් කවිකාර මඬුව, නැටුම්,
ඉලංගම, වාහල ඉලංගම,පුරන්පෙට්ටුකාර
අංශය, සිංගාරකක්කාර අංශය ආදියයි.
පොළොන්නරුව
යුගයෙන් ඇරැඹෙන රාජසභා සංගීතය වඩා විචිත්‍රවත්ව භාවිත වන්නේ ශ්‍රී වික්‍රම නරේන්ද්‍ර සිංහ රාජ සමයේ පිහිටුවා ලන ලද කවිකාර මඩුවෙනි රී වික්‍රම රාජසිංහ රජු සමය දක්වාම අඛණ්ඩව
පවත්වාගෙන එනු ලබන මෙම කවිකාර මඩුව තුළ නානායක්කාර බිසෝවරුන් හා ඔවුන්ගේ ඥාතීන් ගේ අවශ්‍යතාවයන්
මත කැඳවාගනු ලැබූ ගණිතාලංකාර නාරසිංහ අලගනායිදු වැනි කර්නාටක සංගීතඥයන් පවා සේවය කොට ඇත. රාජාධි
රාජසිංහ සමයේ තෙළිඟු බසින් රඟදක්වනු ලැබූ “හරිශ්චන්ද
නාඩගම” අලගුනායිදු විසින් කරන ලද්දක් බව සඳහන් වේ. කෙසේ වෙතත් වෙතත් ප්‍රශස්ති, ගමන් ගී, විරහා
ගී, වන්නම්, සින්දු
කවි ගායනා රැසක් අංග චලනයක් සහිතව කවිකාර
මඩුවේදී රජු සඳහා ඉදිරිපත් කොට ඇති බව සඳහන් වේ. ඒ සඳහා නිත්‍යය සේවක මණ්ඩලයක් ද පත්කර ඇත.
දේශීය බෙර වර්ග වලට හා සුසිර වාදන භාණ්ඩ වලට අමතරව ට්‍රම්පට්
වැනි විදේශීය තූර්ය වාද්‍ය භාණ්ඩවලින් පිළිගැනීමේ උත්සව අවස්ථා දක්නට ලැබිණි.
මහනුවර යුගයේ පවත්වන ලද අවුරුදු මංගල්‍යය ඇසල පෙරහැර හා අලුත් සහල් මංගල්‍යය වැනි සමාජ උත්සව තුළින්ද සංගීතයේ ප්‍රගතියට තුඩු දුන් සාධක දැකිය හැකිය.
දඹදෙණි යුගයේ දී ඇරඹි දිවිදොස් ශාන්තිකර්මය කොහොඹා කංකාරිය ලෙස වර්ධනය
වන්නේ ද එතෙක් පැවති පත්තිනි ඇදහිලි, පත්තිනි
හෑල්ල, පත්තිනි උපත, සත්
පත්තිනි කතා ආදියෙන් පෝෂණය ලැබීම වැනි ජන ජීවිතයේ විවිධ වැඩිහිටි හා විශ්වාස මත පදනම් වූ හින්දු දේවාල වලින් ආභාෂය
ලද සැහැලි,
සන්න, චූර්ණිකා, යාදිනි වැනි සංගීතමය වටිනාකමකින් යුක්ත ගායනාද මහනුවර යුගයේ දී රචනා
වී ඇති බව ව්‍යාප්ත වී ඇති බව පෙනේ. ගණිතාලංකාර
නම් සංගීතඥයාගෙන් පිටපත් කර ගනු ලැබූ
“ වාදාන්කුස
රත්නමාලය” නම් ග්‍රන්ථයේ නුවර යුගයේ සංගීතය සම්බන්ධ මූලධර්ම
කිහිපයක් දැක්වේ. ඒ ස්වර
ගායනය හා සම්බන්ධ රාග 32, ද ගීත 64, වන්නම්
18, තාලම් 32 ඇති බව දක්වා තිබේ…
oya nam niyamai good job
ReplyDelete