01
) මින්ඩ් -
ඒක්
ස්වරයක සිට තවත් ස්වරයක් දක්වා හඬ නොකඩවා පවත්වා ගනිමින් හඬ පාලනය කරමින් කරනු ලබන ගායනයේ වාදනය මින්ඩ් නමින් හඳුන්වයි. මෙහිදී ස්වරයක සිට තවත් ස්වරයක් දක්වා හඬ නොබිදී ගායනය‚ වාදනය කිරීම සිදුවේ. රාග ගායනය සහ වාදනයේදී ස්වර ආරෝහණ හා අවරෝහණ දෙපසට උචිත හා අදාළ පරිදි යොදා ගැනේ .
උදා- තිලක්කාමොද් රාගයෙහි ස ප
භාගේශිි රාගයෙහි ධ ම
මාලකවුන්ස් රාගයෙහි ග ස
සරොද්, සාරංගි,
වයලින් වැනි භාණ්ඩයන්ගෙන් කෙරෙන මින්ඩ් වාදනය සුක් නමින් හැඳින්වෙයි. ගායනය හා වාදන ශෛලීන්හි විවිධත්වය නිසා නම් දෙකකින් හැඳින්වුවත් ධ්වනියෙ කිසිදු වෙනසක් නොවේ.
02) ගමක් -
ස්වර විචිත්‍රවත් කරන, අලංකාරවත් කරන සෑම ක්රමයකටම ගමක් යැයි කියනු ලැබේ. හින්දුස්ථානි සංගීතයේ ස්වර කම්පනය කළ යුත්තේ වෙනත් ස්වරයන්ගේ ආධාරයෙනි. ඒ අනුව ස්වර චලනය කරමින් ගායනය කිරීම ගමක් යැයි හැඳින්විය හැකිය. පැරැණි ග්‍රන්ථවල ගමක් 15 පිළිබඳව සඳහන් වේ.
වර්තමානයේ හින්දුස්ථානි සංගීතයේ භාවිතා වන “තාන” ගායන වාදනයේදී ගාම්භීර ප්රකෘතියෙන් යුතුව හඬ ලෙලවා මිහිරි ලෙස ගැයීම ගමක් වේ.
03) ඛන් -
රාගයන්ගේ රස නිශ්පත්තිය සඳහා ඇතැම් ස්වරයක් තවත් ස්වරයක අල්ප ස්පර්ශයක් ඇතිව භාවිතා කරනු ලැබේ. මෙය “ඛන් ස්වර” නම්
වේ. මෙය ගායනයේ දී මෙන්ම වාදනයේදී ද යොදා ගැනේ. යම්කිසි
ස්වරයකට පළමුවෙන් ලැබෙන ස්වරය හෝ පහසුවෙන්ම ලැබෙන ස්වරය ඛන් වශයෙන් යොදාගනී. මෙසේ ස්වර කිහිපයකට ඈතින් පිහිටි ස්වර ස්පර්ශ කළ හැක්කේ මනා පුහුණුවකින් පසුවයි.
04) උපජ්-
රාගයක්
ඉදිරිපත් කිරීමේදී කරනු
ලබන නිර්මාණාත්මක හා ක්ෂනිකව ගොඩනගා ගන්නා නාද උපජ් ලෙස කෙටියෙන් හඳුන්වනු ලබයි.
උදා-. කිසියම් ඛයාල් හෝ ගත් වාදනයක මුඛඩා කොටස විවිධ ආකාරයෙන් විවිධ නාද මාලාවන්ට හෝ විවිධ ලයාන්කාරිත්වයෙන් ඉදිරිපත් කිරීම.
05) මූර්කි -
කිසියම්
ස්වරයක් එහි දෙපස ඇති ස්වර ඇසුරුකර ගනිමින් චලනය කොට ගැනීම මූර්කි ස්වරයකි.
බොහෝ විට මූර්කි ලෙස යොදා ගනු ලබනුයේ ස ම ප යන
ස්වරයන්ය. මෙහිදී මූර්කි වන ස්වරය මැදිකොට දෙපස ස්වර චලනය වෙයි. මූර්කි ස්වර ලිවීමේදී ස්වරය වරහන් කරනු ලැබේ.
උදා- (ස) (ම) (ප)
06) මුඛඩා -
ගීතයක
හෝ වාදිතයක සමස්ථානයට ප්‍රවිෂ්ථ වන තෙක් ගයන කොටස මුඛඩා නමින් හැඳින්වෙයි.
07) තිහායි -
මුඛඩාව ගායනය හෝ වාදනය අවසානයේ තෙවරක් ඉදිරිපත් කිරීම තිහායි යනුවෙන් හැඳින්වෙයි. එය බොහෝ දුරට සමස්ථානය දක්වා පැමිණීම විශේෂත්වයකි.
music wala mechchara shilpeeya krama thiyenawada
ReplyDelete