· මහාවංශය දක්වන අන්දමට ලංකාවේ ස්ථිර සමාජ පදනමක් ඇතිවූයේ ක්‍රි.පු 543 දී පමණය. එනම්
විජය රජුන් ප්‍රමුඛ ආර්යය පිරිසගේ සම්ප්‍රාප්තියෙන්
පසුවයි. ක්‍රි.පු 544 - 437 දක්වා යුගය දක්වා යුගය ප්‍රාග් අනුරාධපුර යුගය වශයෙන් සැලකෙන අතර ක්‍රි.පු 437 දී පණ්ඩුකාභය රජු සිය රාජධානිය වශයෙන් අනුරාධපුර තෝරාගැනීමෙන් අනතුරුව අනුරාධපුර යුගය ඇරඹෙන බව පිළිගනී. ප්‍රාග් අනුරාධපුර යුගයේදී සහ පශ්චාත් අනුරාධපුර යුගයේදී ශීරී ලංකාව තුළ කිසිම ආකාරයක ගායන වාදනයන්ගෙන් යුතු සංගීතමය මූලාශ්‍ර දක්නට ලැබෙන බව පෙන්වා දිය හැකිය.
විජය කුමරු ලංකාවට පැමිණි දිනයේ සිරස වත්තු පුරයේ
පැවැත්වුණේ යැයි කියනා විවාහ මංගල උත්සවයේ තූර්යතූර්ය වාදනයන්ගෙන් යුක්ත වු බව මහාවංශයේ දැක්වේ. දෙවන පෑතිස් රජුන් සිය යුද්ධ සහ රාජ්‍ය පාලන කටයුතුවලදී ආචාර පිළිවෙත් ක්‍රමයක් ලෙස පවත්වාගෙන ගිය “තලාවචාර” නම් වූ තූර්ය වාද්‍ය කණ්ඩායමක් ගැන සඳහන් වේ. මෙයද සංගීතය හා සම්බන්ධ වැදගත් කමකින්
යුත් කරුණක් වශයෙන් සැලකිය හැකිය.
රුවන්වැලි සෑයේ ධාතු නිධානෝත්සවය නානාවිධ තූර්ය වාද්‍යය. මාධ්‍ය නාටිකාංගනාවන් පිරිවරාගෙන දුටුගැමුණු රජතුමා සහභාගි
වූ බව කියැවේ. මෙම තූර්ය වාද්‍ය පංචතූර්ය යනුවෙන් මහාවංශයේ දක්වා නැතත් මේරට වසර සීයකට පමණ පසුව ලියැවෙන
මහාවංශ ටීකාවේ පංච තූර්ය නාදයන් පිළිබඳ සඳහන් වේ.
hodata hadala thiyenawa.niyama blog eka.
ReplyDeletei am wish you...
GOOD LUCK!!!