ü සංගීතය භාෂාවකි එහෙත් එය වාචික භාෂාවකට වඩා වෙනස්ය විශ්ව භාෂාවකි. සංගීතමය කුසලතාවය පුද්ගල හැකියා අතර විශේෂයකි. එනම් මෙය සහජ හැකියාවකි. සංගීත හැකියාව විවිධ මට්ටම් වලින් යුක්තය උදාහරණ ලෙස නිවැරදි පුහුණුව තුළින් වරක් ඇසු
පමණින් ක්ෂණික නිර්මාණ කිරීමේ හැකියා ආදී වශයෙනි.
ü සංගීතමය බුද්ධියේ අග්‍රඵලය සංගීතඥයා හෙවත් සංගීත ස්වර රචකයා විය
යුතුය.
නිදසුන් ලෙස - බීතෝවන්, මෝසාද්
ආදී හූව.සංගීතමය බුද්ධියෙන් පිරිපුන් සංගීත ස්වර රචකයාගේ හිසෙහි ස්වර සංකලන හා නාද රටා පිළිරැව් දෙන්නේ පවතී.
ü කවියා වචනවලින් මනසේ සංකල්ප රූප පරිකල්පනය කරනවා මෙන්ම සංගීතඥයා ද ශබ්ද රටා ඇසුරින් පරිකල්පනය කරයි. සංගීතය තුළ ඇත්තේ නාද සංවිධාන රටා පද්ධතියකි.
ü සංගීත ස්වර රචකයාට මනා වූ මතක ශක්තියක් තිබේ ඒ
අනුව සංගීතඥයා නාද ගබඩාවක් හෝ
පුස්තකාලයක් බඳු ය. මොහුගේ බුද්ධිමය හැකියාව වැඩිවන තරමට එයින් ඔහුගේ
නිර්මාණ ශක්තිය ද පුළුල් වෙයි නාද
හා ස්වර රටා ඔහුගේ මනස තුළ ගබඩා වී ඇත සවිඥානික අවිඥානික හෝ උපවිඥානව විය හැකිය.
ü සංගීත කුසලතාවයන්ට ආවේනික අංගයකි සවන් දීම. සවන් දීම සංගීතය සජීවීකරණය වේ.
ü සංගීත බුද්ධිය පහල වන්නට නම් සහජ හැකියාව සමග
නිරන්තර
අභ්‍යාසයෙන් ලබන පරිතයන්
යන දෙකම එකතු විය යුතුය. මෙහි වැදගත් තවත් කාරණයක් වන්නේ සංගීතය ගායනයට හෝ
වාදනය ඉගැන්වීමේදී ගුරුවරයා විසින් නව ක්‍රම භාවිතා
කිරීමේ වැදගත්කමයි.
උද-
ජපානයේ සුසුකි ක්‍රමය,හංගේරියානුරමයට
අනුව ජන්ම හො සහජ හැකියා ඉගෙනීම හා සතතා අභ්‍යාස සමග සංකලනයෙන් සංගීතමය බුද්ධිය සංවර්ධනය කරගත හැකි බව පෙන්වා ඇත.
ü සංගීතය මුළුමනින්ම පාහේ මනුෂ්‍යයා විසින් නිර්මිත
කලාවකි සංගීත සංකල්ප නිර්මාණයට සතුන්ගේ විවිධ හඬ
කුරුල්ලන්ගේ චලන ස්වභාවධර්මයාගේ විවිධ නිර්මාණ පරිසරය වැස්ස සුළඟ විවිධ අනුකරණ නාද දායක වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.
උදා-
පෙරදිග සංගීතයේ එන රාග, වන්නම් පද්ධති.
ü සංගීත රසඥතාවද බුද්ධිමය ලක්ෂණයකි. සෑම පුද්ගලයෙකුටම මන්ට අනන්‍ය වූ තමා විසින්ම ගොඩනගා ගත්
පුද්ගලානුබද්ධ
රසඥතාවයක්
පවතී එය විවිධය,
විෂම ය.
ü සංගීතමය බුද්ධිය සෙසු බුද්ධිමය වර්ගවලින් ෙනස් වූ සුවිශේෂී වූ අනන්‍යතාවයකින් යුක්ත වූවක්
බව පෙනේ නමුත් බොහෝවිට සංගීතමය
බුද්ධිය භාෂාමය බුද්ධිය හා එක්ව කටයුතු කරයි එසේම ගණිතමය බුද්ධිය තාර්කික බුද්ධිය අවකාශමය ස්වභාව ධර්මය වැනි බුද්ධි මගද සංගීත බුද්ධිය සම්බන්ධ වී පවතී.
wow
ReplyDeleteniyama information hoyagena thiyenawa .
ReplyDelete