අනුරාධපුර යුගයෙන් පසු ප්‍රථම වරට පොළොන්නරුව රාජධානිය වශයෙන් තෝරාගනු ලබන්නේ කිස්තු වර්ෂ 781 දී හත් වන අග්බෝ රජු විසිනි. එහෙත් එය වසර හයක් වැනි කෙටි කාලයකට සීමා විය නැවතත් වසර හැටකට ආසන්න කාලයක් අනුරාධපුරයෙහි පැවති රාජධානිය ක්‍රිස්තු වර්ෂ 846 න් පසුව පළමුවන සේන රජතුමා පොලොන්නරුවට ගෙන එනු ලබයි. එතැන් සිට වර්ෂ 150 ක් පමණ අඛණ්ඩව පවතින පොළොන්නරු රාජ්‍ය ක්‍රිස්තු වර්ෂ 1001 දී නැවතත් අනුරාධපුරයටත්, රුහුණටත් මාරු වෙමින් පැවත නැවත ක්‍රිස්තු වර්ෂය 1055 දී මහා විජයබාහු රජතුමා විසින් යළි පොලොන්නරුවට ම ගෙන එනු ලබයි.
එබැවින්
ඇතැම් විචාරකයින් පොළොන්නරු යුගය මහා විජයබා රජුගෙන් ආරම්භ වූවා යැයි ද දක්වා ඇත. කෙසේ වෙතත් ලංකාවේ සංගීතය පිළිබඳ වැදගත් කරුණු
කිහිපයක් මතු කර ගත්තේ ඉන් පසුව බව පෙන්වා
දිය හැක. රාජ්‍ය අනුග්‍රහය සහිතව හින්දු ආගමික බලපෑම මෙරට සංස්කෘතියට මිශ්‍ර වන්නේ
ද රාජ්‍ය සාහිත්‍යයේ, රාජසභා සංගීතයෙහි ආරම්භය වන්නේ ද මෙම අවධියේදීය.
හින්දු දේවාල දහ තුනක් ඉදිකරනු ලැබූ මහා පරාක්‍රමබාහු
රජු තවත් දේවාල
කිහිපයක් ප්‍රතිසංස්කරණය කර ඇති බව චූල වංශයේ
දැක්වේ. ලාංකීය රාජ්‍ය සභා සංගීතය වශයෙන් වඩාත් වැදගත් වන්නේ සරස්වතී මණ්ඩපය. රන් ආලේප කළ කුළුණු වලින් චීන පට සළු වලින් සරසන ලද ගොඩනැගිල්ලක් සංගීත හා
නැටුම් අංශ සඳහා පමණක් වෙන් විය.
මහා
පරාක්‍රමබාහු රජු විසින් යුද කටයුතු සඳහා පවත්වාගෙන ගිය සිංහල බලකාය සිංහල ගන්ධබ්බ
ලෙසින් හැඳින්වූ බවත් එහි තරුණ
තරුණියන් රඳවාගෙන සංගීත, නැටුම්,
අත්කම්, ජන ක්‍රීඩා අවධිය පුරුදු පුහුණු කොට චරපුරුෂ සේවයේ යෙදවූ බව ද චූල වංශයේ
සඳහන් වේ.
kohenda mewa information
ReplyDeletehoyagaththe hoyagaththe marai