Monday, December 4, 2017

සිංදු නිර්මාණය කර ගැනීමට හොඳම මෘදුකාංගය අපෙන් ඔබට නොමිලේ...



ඔබ සංගීත ක්ෂේත්‍රයේ කෙනෙක්ද එහෙනම් මේ අවස්ථාව ඔබටයිඔබට ඔබේම කියල සින්දුවක් පරිගණකයෙන් නිර්මාණය කර ගැනීමට මෙම මෘදුකාංගයෙන් පුළුවන්.  මෘදුකාංගය බාගත කරගැනීමට මෙතනින් පිවිසෙන්න.



මෙය නොමිලේ ලබා දෙන වටිනා කියන මෘදුකාංගයක් ඩීජේ කරන අයට අලුත්  ඩ්‍රම් සවුන්ඩ්, පියානො,ඹ්ගන්,beet හදන්න, වැනි සංගීත භාණ්ඩවල සවුන්ඩ්ස්  අපිට කැමැති ලෙසකින් ලබාගන්න පුළුවන්.
ඕගන් වැනි උපාංග  පරිගණකයට සම්බන්ධ කර එහි හඬ කැමැති ලෙසකින් වෙනස් කර රෙකෝඩ් කරන්නත් මයික් එකක් සම්බන්ද ගීත ගායනා කරන්නත් පුළුවන්.
මෙම මෘදුකාංගය නිවැරදිව අධ්‍යයනය කිරීමෙන් පසුව ඔබට තනියම වුනවත් සින්දුවක් නිර්මාණය කර ගැනීමට හැකියාවක් තිබෙනවා.
ඔබත් බාගත කරගෙන අත්හදා බලන්න…..







Saturday, December 2, 2017

ෆෝන් එකට සිංහල සින්දු ඩවුන්ලෝඩ් කරගැනීමට අලුත් ඇප් එක (Sinhala Music Box)





ෆෝන් එකට අපට අවශ්‍ය ඕනෑම සිංහල ගීතයක්  සවන්දීමට,බැලීමට,ගායනා කළහැකි කාව්‍යය හෝ බාගත(audio,video, Lyrics,Download) කරගැනීමට ඇති  නවතම  ඇප්  එක  ලබා  ගැනිමට  මෙතනින්  පිවිසෙන්න.






සංගීතමය බුද්ධිය

ü සංගීතය භාෂාවකි එහෙත් එය වාචික භාෂාවකට වඩා වෙනස්ය විශ්ව භාෂාවකි. සංගීතමය කුසලතාවය පුද්ගල හැකියා අතර විශේෂයකි. එනම් මෙය සහජ හැකියාවකි. සංගීත හැකියාව විවිධ මට්ටම් වලින් යුක්තය උදාහරණ ලෙස නිවැරදි පුහුණුව තුළින් වරක් ඇසු පමණින් ක්ෂණික නිර්මාණ කිරීමේ හැකියා ආදී වශයෙනි.

ü සංගීතමය බුද්ධියේ අග්‍රඵලය සංගීතඥයා හෙවත් සංගීත ස්වර රචකයා විය යුතුය.
නිදසුන් ලෙස - බීතෝවන්, මෝසාද් ආදී හූව.සංගීතමය බුද්ධියෙන් පිරිපුන් සංගීත ස්වර රචකයාගේ හිසෙහි ස්වර සංකලන හා නාද රටා පිළිරැව් දෙන්නේ පවතී.

ü කවියා වචනවලින් මනසේ සංකල්ප රූප පරිකල්පනය කරනවා මෙන්ම සංගීතඥයා ද ශබ්ද රටා ඇසුරින් පරිකල්පනය කරයි. සංගීතය තුළ ඇත්තේ නාද සංවිධාන රටා පද්ධතියකි.

ü සංගීත ස්වර රචකයාට මනා වූ මතක ශක්තියක් තිබේ ඒ අනුව සංගීතඥයා නාද ගබඩාවක් හෝ පුස්තකාලයක් බඳු ය. මොහුගේ බුද්ධිමය හැකියාව වැඩිවන තරමට එයින් ඔහුගේ නිර්මාණ ශක්තිය ද පුළුල් වෙයි නාද හා ස්වර රටා ඔහුගේ මනස තුළ ගබඩා වී ඇත සවිඥානික අවිඥානික හෝ උපවිඥානව විය හැකිය.

ü සංගීත කුසලතාවයන්ට ආවේනික අංගයකි සවන් දීම. සවන් දීම සංගීතය සජීවීකරණය වේ.

ü සංගීත බුද්ධිය පහල වන්නට නම් සහජ හැකියාව සමග  නිරන්තර අභ්‍යාසයෙන් ලබන පරිතයන් යන දෙකම එකතු විය යුතුය. මෙහි වැදගත් තවත් කාරණයක් වන්නේ සංගීතය ගායනයට හෝ  වාදනය ඉගැන්වීමේදී ගුරුවරයා විසින් නව ක්‍රම භාවිතා කිරීමේ වැදගත්කමයි.
 උද-
ජපානයේ සුසුකි ක්‍රමය,හංගේරියානුරමයට අනුව ජන්ම හො සහජ හැකියා ඉගෙනීම හා සතතා අභ්‍යාස සමග සංකලනයෙන් සංගීතමය බුද්ධිය සංවර්ධනය කරගත හැකි බව පෙන්වා ඇත.


ü සංගීතය මුළුමනින්ම පාහේ මනුෂ්‍යයා විසින් නිර්මිත කලාවකි සංගීත සංකල්ප නිර්මාණයට සතුන්ගේ විවිධ හඬ කුරුල්ලන්ගේ චලන ස්වභාවධර්මයාගේ විවිධ නිර්මාණ පරිසරය වැස්ස සුළඟ විවිධ අනුකරණ නාද දායක වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.
 උදා-
පෙරදිග සංගීතයේ එන රාග, වන්නම් පද්ධති.

ü සංගීත රසඥතාවද බුද්ධිමය ලක්ෂණයකි. සෑම පුද්ගලයෙකුටම මන්ට අනන්‍ය වූ තමා විසින්ම ගොඩනගා ගත් පුද්ගලානුබද්ධ රසඥතාවයක් පවතී එය විවිධය, විෂම ය.



ü සංගීතමය බුද්ධිය සෙසු බුද්ධිමය වර්ගවලින් ෙනස් වූ සුවිශේෂී වූ අනන්‍යතාවයකින් යුක්ත වූවක් බව පෙනේ නමුත් බොහෝවිට සංගීතමය බුද්ධිය භාෂාමය බුද්ධිය හා එක්ව කටයුතු කරයි එසේම ගණිතමය බුද්ධිය තාර්කික බුද්ධිය අවකාශමය ස්වභාව ධර්මය වැනි බුද්ධි මගද සංගීත බුද්ධිය සම්බන්ධ වී පවතී.






පොළොන්නරු යුගෙය් සංගීතමය තොරතුරු



අනුරාධපුර යුගයෙන් පසු ප්‍රථම වරට පොළොන්නරුව රාජධානිය වශයෙන් තෝරාගනු ලබන්නේ කිස්තු වර්ෂ 781 දී  හත් වන අග්බෝ රජු විසිනි. එහෙත් එය වසර හයක් වැනි කෙටි කාලයකට සීමා විය නැවතත් වසර හැටකට ආසන්න කාලයක් අනුරාධපුරයෙහි පැවති රාජධානිය ක්‍රිස්තු වර්ෂ 846 න් පසුව පළමුවන සේන රජතුමා පොලොන්නරුවට ගෙන එනු ලබයි. එතැන් සිට වර්ෂ 150 ක් පමණ අඛණ්ඩව පවතින පොළොන්නරු රාජ්‍ය ක්‍රිස්තු වර්ෂ 1001 දී නැවතත් අනුරාධපුරයටත්, රුහුණටත් මාරු වෙමින් පැවත නැවත ක්‍රිස්තු වර්ෂය 1055 දී මහා විජයබාහු රජතුමා විසින් යළි පොලොන්නරුවට ම ගෙන එනු ලබයි.
එබැවින් ඇතැම් විචාරකයින් පොළොන්නරු යුගය මහා විජයබා රජුගෙන් ආරම්භ වූවා යැයි ද දක්වා ඇත. කෙසේ වෙතත් ලංකාවේ සංගීතය පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් මතු කර ගත්තේ ඉන් පසුව බව පෙන්වා දිය හැක. රාජ්‍ය අනුග්‍රහය සහිතව හින්දු ආගමික බලපෑම මෙරට සංස්කෘතියට මිශ්‍ර වන්නේ ද රාජ්‍ය සාහිත්‍යයේ, රාජසභා සංගීතයෙහි ආරම්භය වන්නේ ද මෙම අවධියේදීය.
හින්දු දේවාල දහ තුනක් ඉදිකරනු ලැබූ මහා පරාක්‍රමබාහු රජු තවත් දේවාල  කිහිපයක් ප්‍රතිසංස්කරණය කර ඇති බව චූල වංශයේ දැක්වේ. ලාංකීය රාජ්‍ය සභා සංගීතය වශයෙන් වඩාත් වැදගත් වන්නේ සරස්වතී මණ්ඩපය. රන් ආලේප කළ කුළුණු වලින් චීන පට සළු වලින් සරසන ලද ගොඩනැගිල්ලක් සංගීත හා නැටුම් අංශ සඳහා පමණක් වෙන් විය.


මහා පරාක්‍රමබාහු රජු විසින් යුද කටයුතු සඳහා පවත්වාගෙන ගිය සිංහල බලකාය සිංහල ගන්ධබ්බ ලෙසින් හැඳින්වූ බවත් එහි තරුණ තරුණියන් රඳවාගෙන සංගීත, නැටුම්, අත්කම්, ජන ක්‍රීඩා අවධිය පුරුදු පුහුණු කොට චරපුරුෂ සේවයේ යෙදවූ බව ද චූල වංශයේ සඳහන් වේ.

මහනුවර යුගයේ සංගීතමය තොරතුරු

ක්‍රි: : 1690 දී දෙන්න ජුවන්  කොනප්පු බණ්ඩාර පළමුවන විමලධර්මසූරිය නමින් සෙංකඩගල පුරවරයේ දී අභිෂේක ලැබීමෙන් පසු මහනුවර රාජ්‍ය සමය ආරම්භ වන්නේ ය. එතැන් සිට වර්ෂ 46 ක් පැවති සිංහල රාජාවලිය ක්‍රි: 1705 දි රජකමට පැමිණෙන ශ්‍රී වීරපරාක්‍රමනරේන්ද්‍රසිංහ රජතුමාගෙන් පසුව 1738 දී නිම විය. පියාගේ ඇවෑමෙන් රජවීමට පුත් කුමරුවකු නොසිටීමෙන් සිංහල රාජ්‍ය අග මෙහෙසියගේ සොහොයුරාට හෙවත් නායක්කර් වංශිකයන් අතට පත්විය. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා අවස්ථා තුනකදීම දකුණු ඉන්දියානු නයක්කර් වංශික කුමාරිකාවන් තිදෙනෙක්ම විවාහ කර ගැනීමෙන් ද අවසානයේ රාජත්වය පවා භාර දීමට සිදුවීමෙන් ද ශ්‍රී ලාංකික ජන සමාජයට දකුණු ඉන්දියානු හින්දු බලපෑම නොමදව ලැබෙන්නට විය. කෙසේ වෙතත් 1615 දී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන් අතට පත් වීමෙන් පසු අවසන් වන මහනුවර යුගය ශ්‍රී ලාංකික සංගීත විකාශනය කෙරේ බලපෑ ප්‍රවණතා රාශියකින් සමන්විත බව පෙනේ.

රාජ්‍ය සභාව හා සම්බන්ධ සංගීත හා නැටුම් ආයතන මහනුවර යුගයේදී දක්නට ලැබේ. එනම් කවිකාර මඬුව, නැටුම්, ඉලංගම, වාහල ඉලංගම,පුරන්පෙට්ටුකාර අංශය, සිංගාරකක්කාර අංශය ආදියයි.
පොළොන්නරුව යුගයෙන් ඇරැඹෙන රාජසභා සංගීතය වඩා විචිත්‍රවත්ව භාවිත වන්නේ ශ්‍රී වික්‍රම නරේන්ද්‍ර සිංහ රාජ සමයේ පිහිටුවා ලන ලද කවිකාර මඩුවෙනි ‍රී වික්‍රම රාජසිංහ රජු සමය දක්වාම අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන මෙම කවිකාර මඩුව තුළ නානායක්කාර බිසෝවරුන් හා ඔවුන්ගේ ඥාතීන් ගේ අවශ්‍යතාවයන් මත කැඳවාගනු ලැබූ ගණිතාලංකාර නාරසිංහ අලගනායිදු වැනි කර්නාටක සංගීතඥයන් පවා සේවය කොට ඇත. රාජාධි රාජසිංහ සමයේ තෙළිඟු බසින් රඟදක්වනු ලැබූහරිශ්චන්ද නාඩගමඅලගුනායිදු විසින් කරන ලද්දක් බව සඳහන් වේ. කෙසේ වෙතත් වෙතත් ප්‍රශස්ති, ගමන් ගී, විරහා ගී, වන්නම්, සින්දු කවි ගායනා රැසක් අංග චලනයක් සහිතව කවිකාර මඩුවේදී රජු සඳහා ඉදිරිපත් කොට ඇති බව සඳහන් වේ. ඒ සඳහා නිත්‍යය සේවක මණ්ඩලයක් ද පත්කර ඇත.

දේශීය බෙර වර්ග වලට හා සුසිර වාදන භාණ්ඩ වලට අමතරව ට්‍රම්පට් වැනි විදේශීය තූර්ය වාද්‍ය භාණ්ඩවලින් පිළිගැනීමේ උත්සව අවස්ථා දක්නට ලැබිණි.

මහනුවර යුගයේ පවත්වන ලද අවුරුදු මංගල්‍යය ඇසල පෙරහැර හා අලුත් සහල් මංගල්‍යය වැනි සමාජ උත්සව තුළින්ද සංගීතයේ ප්‍රගතියට තුඩු දුන් සාධක දැකිය හැකිය.



දඹදෙණි යුගයේ දී ඇරඹි දිවිදොස් ශාන්තිකර්මය කොහොඹා කංකාරිය ලෙස වර්ධනය වන්නේ ද එතෙක් පැවති පත්තිනි ඇදහිලි, පත්තිනි හෑල්ල, පත්තිනි උපත, සත් පත්තිනි කතා ආදියෙන් පෝෂණය ලැබීම වැනි ජන ජීවිතයේ විවිධ වැඩිහිටි හා විශ්වාස මත පදනම් වූ හින්දු දේවාල වලින් ආභාෂය ලද සැහැලි, සන්න, චූර්ණිකා, යාදිනි වැනි සංගීතමය වටිනාකමකින් යුක්ත ගායනාද මහනුවර යුගයේ දී රචනා වී ඇති බව ව්‍යාප්ත වී ඇති බව පෙනේ. ගණිතාලංකාර නම් සංගීතඥයාගෙන් පිටපත් කර ගනු ලැබූ  “ වාදාන්කුස රත්නමාලයනම් ග්‍රන්ථයේ නුවර යුගයේ සංගීතය සම්බන්ධ මූලධර්ම කිහිපයක් දැක්වේ. ස්වර ගායනය හා සම්බන්ධ රාග 32, ද ගීත 64, වන්නම් 18,  තාලම් 32 ඇති බව දක්වා තිබේ



අනුරාධපුර යුගයේ සංගීතමය තොරතුරු


·       මහාවංශය දක්වන අන්දමට ලංකාවේ ස්ථිර සමාජ පදනමක් ඇතිවූයේ ක්‍රි.පු 543 දී පමණය. එනම් විජය රජුන් ප්‍රමුඛ ආර්යය පිරිසගේ සම්ප්‍රාප්තියෙන් පසුවයි. ක්‍රි.පු 544  - 437 දක්වා යුගය දක්වා යුගය ප්‍රාග් අනුරාධපුර යුගය වශයෙන් සැලකෙන අතර ක්‍රි.පු 437 දී පණ්ඩුකාභය රජු සිය රාජධානිය වශයෙන් අනුරාධපුර තෝරාගැනීමෙන් අනතුරුව අනුරාධපුර යුගය ඇරඹෙන බව පිළිගනී. ප්‍රාග් අනුරාධපුර යුගයේදී සහ පශ්චාත් අනුරාධපුර යුගයේදී ශී‍රී ලංකාව තුළ කිසිම ආකාරයක ගායන වාදනයන්ගෙන් යුතු සංගීතමය මූලාශ්‍ර දක්නට ලැබෙන බව පෙන්වා දිය හැකිය.

විජය කුමරු ලංකාවට පැමිණි දිනයේ සිරස වත්තු පුරයේ පැවැත්වුණේ යැයි කියනා විවාහ මංගල උත්සවයේ තූර්යතූර්ය වාදනයන්ගෙන් යුක්ත වු බව මහාවංශයේ දැක්වේ. දෙවන පෑතිස් රජුන් සිය යුද්ධ සහ රාජ්‍ය පාලන කටයුතුවලදී ආචාර පිළිවෙත් ක්‍රමයක් ලෙස පවත්වාගෙන ගිය තලාවචාරනම් වූ තූර්ය වාද්‍ය කණ්ඩායමක් ගැන සඳහන් වේ. මෙයද සංගීතය හා සම්බන්ධ වැදගත් කමකින් යුත් කරුණක් වශයෙන් සැලකිය හැකිය.


රුවන්වැලි සෑයේ ධාතු නිධානෝත්සවය නානාවිධ තූර්ය වාද්‍යය. මාධ්‍ය  නාටිකාංගනාවන් පිරිවරාගෙන දුටුගැමුණු රජතුමා සහභාගි වූ බව කියැවේ. මෙම තූර්ය වාද්‍ය පංචතූර්ය යනුවෙන් මහාවංශයේ දක්වා නැතත් මේරට වසර සීයකට පමණ පසුව ලියැවෙන මහාවංශ ටීකාවේ පංච තූර්ය  නාදයන් පිළිබඳ සඳහන් වේ.



Friday, December 1, 2017

රාගධාරී සංගීතයේ ශිල්පීය ක්‍රම

01 )  මින්ඩ් -
ඒක් ස්වරයක සිට තවත් ස්වරයක් දක්වා හඬ නොකඩවා පවත්වා ගනිමින් හඬ පාලනය කරමින් කරනු ලබන ගායනයේ වාදනය මින්ඩ් නමින් හඳුන්වයි. මෙහිදී ස්වරයක සිට තවත් ස්වරයක් දක්වා හඬ නොබිදී ගායනය වාදනය කිරීම සිදුවේ. රාග ගායනය සහ වාදනයේදී ස්වර ආරෝහණ හා අවරෝහණ දෙපසට උචිත හා අදාළ පරිදි යොදා ගැනේ .
උදා- තිලක්කාමොද් රාගයෙහි    ස  ප
භාගේශිි රාගයෙහි                      ධ   ම
මාලකවුන්ස් රාගයෙහි               ග    ස
සරොද්, සාරංගි, වයලින් වැනි භාණ්ඩයන්ගෙන් කෙරෙන මින්ඩ් වාදනය සුක් නමින් හැඳින්වෙයි. ගායනය හා වාදන ශෛලීන්හි විවිධත්වය නිසා නම් දෙකකින් හැඳින්වුවත් ධ්වනියෙ කිසිදු වෙනසක් නොවේ.

02)  ගමක් -
ස්වර විචිත්‍රවත් කරන, අලංකාරවත් කරන සෑම ක්රමයකටම ගමක් යැයි කියනු ලැබේ. හින්දුස්ථානි සංගීතයේ ස්වර කම්පනය කළ යුත්තේ වෙනත් ස්වරයන්ගේ ආධාරයෙනි. ඒ අනුව ස්වර චලනය කරමින් ගායනය කිරීම ගමක් යැයි හැඳින්විය හැකිය. පැරැණි ග්‍රන්ථවල ගමක් 15 පිළිබඳව සඳහන් වේ. වර්තමානයේ හින්දුස්ථානි සංගීතයේ භාවිතා වන තානගායන වාදනයේදී ගාම්භීර ප්රකෘතියෙන් යුතුව හඬ ලෙලවා මිහිරි ලෙස ගැයීම ගමක් වේ.

03) ඛන් -
රාගයන්ගේ රස නිශ්පත්තිය සඳහා ඇතැම් ස්වරයක් තවත් ස්වරයක අල්ප ස්පර්ශයක්  ඇතිව භාවිතා කරනු ලැබේ. මෙය “ඛන් ස්වරනම් වේ. මෙය ගායනයේ දී මෙන්ම වාදනයේදී ද යොදා ගැනේ. යම්කිසි ස්වරයකට පළමුවෙන් ලැබෙන ස්වරය හෝ පහසුවෙන්ම ලැබෙන ස්වරය ඛන් වශයෙන් යොදාගනී. මෙසේ ස්වර කිහිපයකට ඈතින් පිහිටි ස්වර ස්පර්ශ කළ හැක්කේ මනා පුහුණුවකින් පසුවයි.

04) උපජ්-
රාගයක් ඉදිරිපත් කිරීමේදී කරනු ලබන නිර්මාණාත්මක හා ක්ෂනිකව ගොඩනගා ගන්නා නාද උපජ් ලෙස කෙටියෙන් හඳුන්වනු ලබයි.
උදා-. කිසියම් ඛයාල් හෝ ගත් වාදනයක  මුඛඩා කොටස විවිධ ආකාරයෙන් විවිධ නාද මාලාවන්ට හෝ විවිධ ලයාන්කාරිත්වයෙන් ඉදිරිපත් කිරීම.

05)  මූර්කි -
කිසියම් ස්වරයක් එහි දෙපස ඇති ස්වර ඇසුරුකර ගනිමින් චලනය කොට ගැනීම මූර්කි ස්වරයකි. බොහෝ විට මූර්කි ලෙස යොදා ගනු ලබනුයේ   යන ස්වරයන්ය. මෙහිදී මූර්කි  වන ස්වරය මැදිකොට දෙපස ස්වර චලනය වෙයි. මූර්කි ස්වර ලිවීමේදී ස්වරය වරහන් කරනු ලැබේ.
උදා- () () ()

06) මුඛඩා - 
ගීතයක හෝ වාදිතයක සමස්ථානයට ප්‍රවිෂ්ථ වන තෙක් ගයන කොටස මුඛඩා  නමින් හැඳින්වෙයි.

07) තිහායි -
මුඛඩාව ගායනය හෝ වාදනය අවසානයේ තෙවරක් ඉදිරිපත් කිරීම තිහායි යනුවෙන් හැඳින්වෙයි. එය බොහෝ දුරට සමස්ථානය දක්වා පැමිණීම විශේෂත්වයකි.



LYRICS READING SOFTWEAR

මේ software එක නම් ඔබට වටිනාම සොෆ්ට්වෙයා එකක් . පොඩි software එකක් උනාට ගොඩක් වැඩ මේකේ තියනවා . මෙය නමින් mini lyrics වෙනවා . ඔබ මොනවා හ...